Local

දෙවුන්දරින් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් තුන්දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ

Saturday, 28 June 2025 - 8:58 pm

මාතර දෙවුන්දර ධීවර වරායවලින් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් 4 දෙනාගෙන්, තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා. 

 
සිද්ධියෙන් තවත් අයෙකු අතුරුදන් අතර ඔහු සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් දියත් කර තිබෙනවා. 
 
දෙවුන්දර වරායෙන් ඊයේ ධීවරයින් පස්දෙනෙකු සමග මුහුදු ගිය යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුණා. 
 
එහිදී යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු මුදාගෙන ඇති අතර අනෙක් ධීවරයින් හතර දෙනා අතුරුදන්ව තිබුණා. 
 
ගොඩබිම සිට සැතපුම් 20 කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබෙනවා. 
 
මේ අතර කලුතර, බේරුවල, මොරගල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් අතුරුදන් වූ ධීවරයින් සෙවීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකයි.


Top Stories
wedivistara

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

wedivistara

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 02ක් අතුරුදහන්

wedivistara

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි අගදී

wedivistara

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

wedivistara

හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි

wedivistara

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි

Trending
wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ - ඉරාන විදේශ ඇමති


NEWS ALERT