Business

විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ධනාත්මකයි – මහ බැංකුව

Thursday, 01 August 2024 - 9:00 pm

තරමක ඉහළ වෙළෙඳ හිඟයක් පැවතිය ද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම් ඉහළ යෑම සමඟ 2024 වසරේ පළමු භාගයේ දී විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ධනාත්මකව පැවතුනි.

වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ ජූනි මාසයේ දී වාර්ෂික ලක්ෂමය පදනම මත පුළුල් වුවද, 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව පහළ ගියේය.

සේවා අංශය වෙත වූ ලැබීම් (සංචාරක ඉපැයීම් හැර) 2023 වසරේ ජන.-ජූනි කාලපරිච්ඡේදය තුළ දී වූ එ.ජ.ඩො. මිලියන 1,561ට සාපේක්ෂව 2024 වසරේ ජන.-ජූනි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ.ඩො. මිලියන 1,762ක් විය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2023 වසරේ ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී වූ එ.ජ.ඩො. මිලියන 2,823ට සාපේක්ෂව 2024 වසරේ ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී
එ.ජ.ඩො. මිලියන 3,144ක් විය.

2024 වසරේ ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී සංචාරක ඉපැයීම් එ.ජ.ඩො. මිලියන 1,557ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2023 වසරේ  ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ.ඩො. මිලියන 875ක් ලෙස වාර්තා විය.

2024 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන ශුද්ධ ගෙවීම් අඛණ්ඩව වාර්තා විය.

දළ නිල සංචිත 2024 වසරේ ජූනි මාසය අවසානය වන විට එ.ජ.ඩො. බිලියන 5.7ක් විය.

එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, 2024 වසරේ ජූනි මාසය දක්වා අතිප්‍රමාණය විය.

කොළඹ කොටස් වෙළඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2024 වසරේ ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ දී ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.

 


Top Stories
wedivistara

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

පොසොන් සතිය අදින් ඇරඹෙයි

wedivistara

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

wedivistara

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT