Sports

ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේදී ජෝ රූට්ගෙන් වාර්තා රැසක්

Friday, 30 August 2024 - 6:13 pm

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 143ක් ලබා ගනිමින් සිය 33වැනි ටෙස්ට් ශතකය රැස්කර ගැනීමට ඊයේ (29) එංගලන්ත ක්‍රීඩක ජෝ රූට්, සමත් වුණා.ඒ අනුව, මෙතෙක් එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් වාර්තාකළ හිටපු නායක ඇලෙස්ටියාර් කුක් හා සමවීමට එහිදී ඔහු සමත් වූ අතර, ඔවුන් දෙපළගෙන් පසු වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කර ඇත්තේ කෙවින් පීටර්සන් වන අතර, එම සංඛ්‍යාව ශතක 23ක්. ඊයේ රැස් කළ ශතකයත් සමඟින් එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිටින පිතිකරුවන්ගෙන් වැඩිම ශතක රැස්කර ඇති පිතිකරුවා වීමටද සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම, මෙම තරගාවලියේදී ඔහු තවත් එක් ශතකයක් හෝ රැස් කරනු ලැබුවහොත් ක්‍රිකට් ක්‍රීඩාවේ හඳවත බඳු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ වැඩිම ශතක ප්‍රමණයක් රැස්කළ පිතිකරුවාද ඔහු වනු ඇති.


Top Stories
wedivistara

ලයිට් කපන්න ගිය මණ්ඩලේ නිලධාරියා පහරකෑමෙන් රෝහලේ

wedivistara

කටාරයේ අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය සටන් විරාමයකට කැමති වෙයි

wedivistara

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1300කට අධික තොගයක් සහ බීඩි 29000කට අධික තොගයක් නාවික හමුදා භාරයට

wedivistara

විදේශ ආයෝ­ජන ජුනි මාසය වන විට කෝටි 116,970ක් දක්වා ඉහළට

wedivistara

ඉරාන-ඊශ්‍රා­යල් යුද්ධයේ බල­පෑ­ම්ව­ලට මුහු­ණ­දී­මට සූදා­නම් විය යුතුයි

wedivistara

බොරැල්ලේ වෙඩි තැබීමක්

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

wedivistara

Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමේ තීරණයක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

ඔස්කාර් සහ එමී සම්මාන ලාභී සුප්‍රසිද්ධ සිනමා තරුවක් ලංකාවට

wedivistara

ලබන 30 වැනිදා සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරිමට පියවර


NEWS ALERT