Local

බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍යට

Sunday, 22 June 2025 - 6:19 pm

බිත්තර මිල දිනපතා සමාජමාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකසන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ, අතරමැදියන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම මුල් කරගනිමින් මෙම පියවර ගත් බවයි.

වෙළෙඳපොළ තුළ මිල මේ වනවිට රුපියල් 28ත් 32ත් අතර මිලකට බිත්තරයක් අලෙවි වන අතර, පසුගිය මාස කිහිපයේ බිත්තර අධික මිලකට අලෙවි විය.

බොහෝ පාර්ශ්ව චෝදනා කළේ බිත්තර මිල ඉහළ යාමට එක් හේතුවක් වූයේ අතරමැදි වෙළෙඳුන්ගේ ක්‍රියාකාරීත්වය බවයි.

මේ අතර බිත්තර මිල යළි ඉහළ නොදැමීමට පියවරක් වශයෙන් දිනපතා බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් බිත්තර නිෂ්පාදකයින් හඳුන්වාදීමට සූදානම් වේ‍.


Top Stories
wedivistara

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

wedivistara

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 02ක් අතුරුදහන්

wedivistara

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි අගදී

wedivistara

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

wedivistara

හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි

wedivistara

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි

Trending
wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ - ඉරාන විදේශ ඇමති


NEWS ALERT