Local

ගණේමුල්ල සංජීව ඝාතනයට 12ක් අත්අඩංගුවට

Saturday, 28 June 2025 - 10:47 pm

පාතාල නායක ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. 

 
එම ඝාතන සිද්ධියට සම්බන්ධ වී දැනට අතුරුදන් තත්ත්වයේ සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැති බවයි ඔහු පැවසුවේ. 
 
එමෙන්ම සැක පුද්ගලයින් අල්ලා ගැනීමට දුෂ්කර වන ඇතැම් විරල සිද්ධි‍යක් දෙකක් පැවතිය හැකි හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. 
 
කෙසේ නමුත් එම සැකකාරිය පිළිබඳව යම් තොරතුරක් වෙනත් සැකකාරියන් හරහා අනාවරණය වී තිබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ. 
 
සිද්ධිය වූ උසාවියේ පැවති ආරක්ෂාවේ අඩුපාඩුවක් මත එම සිද්ධිය වී ඇති බව බවසන අමාත්‍යවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර තොරතුරක් ලැබී නොතිබූ බවද කියා සිටියා. 
 
කෙසේ වෙතත් ගණේමුල්ල සංජීවට ජීවිත තර්ජනයක් ඇති බවට වාර්තා වී තිබූ බව සඳහන්.


Top Stories
wedivistara

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

wedivistara

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 02ක් අතුරුදහන්

wedivistara

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි අගදී

wedivistara

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

wedivistara

හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි

wedivistara

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි

Trending
wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම: කිසිඳු සටන් විරාමයකට එකඟ වී නැහැ - ඉරාන විදේශ ඇමති


NEWS ALERT