Local

දිස්ත්‍රික්ක 13ක පවුල් 33,000කට බලපෑම්

Friday, 12 January 2024 - 11:08 am

– නුවරඑළිය, මොනරාගල හා පොලොන්නරුවෙන් මරණ තුනක්
– අවතැන් වූවන්ට සහන සලසන්න පියවර

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 33,687ක පුද්ගලයන් 109,635ක් බලපෑමට ලක්ව සිටිති. ආපදා තත්ත්වය හේතුවෙන් අනතුරට පත්ව මොනරාගල, නුවරඑළිය හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලින් පුද්ගල මරණ තුනක් ද ඊයේ (11) වන විට වාර්තා වී තිබේ.

දැඩි බලපෑමට ලක්ව සිටින පවුල් 1587ක පුද්ගලයන් 4981 දෙනකු ආරක්ෂිත ස්ථාන 31ක රඳවා අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ග්‍රාම නිලධාරිවරු විසින් ආපදා සහන සේවා නිලධාරි සමඟ එක්ව සිදු කරනු ලබති. එක් දිස්ත්‍රික් ලේකම්වරයකු සතුව මිලියනයක් බැගින් සහන සේවා කටයුතු සඳහා රජය වෙන් කර දී තිබෙන අතර එම මුදල් වැය කර ආපදාවට ලක් වූ අය වෙනුවෙන් ආහාර, ඇඳුම් පැලඳුම් ලබා දෙනු ඇත. අමතර මුදල් අවශ්‍යතාව අනුව ලබාදේ. මීට අමතරව මරණයට පත් වූවන්ගේ අවසන් කටයුතු සිදු කර ගැනීම සඳහා රුපියල් 15,000ක මුදලක් ද ලබා දෙන අතර ආපදා තත්ත්වයන් බැහැර වී ගිය පසුව නිවාස, දේපොළ ඇතුළු හානි පූර්ණයන් සඳහා චක්‍රලේඛයට අනුව ගෙවීම් කටයුතු සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනක හඳුන්පතිරාජ මහතා ‘දිනමිණට’ ඊයේ (11) පැවසීය. වැඩිම හානි නැඟෙනහිර අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඌව, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුර, වයඹ පළාත්වලින් ආපදා තත්ත්ව වාර්තා වී ඇතැයි ද හෙතෙම කීවේය. රට පුරා ආපදා තත්ත්වය පිළිබඳ වැඩි විස්තර 15 පිටුවේ පළ වේ.


Top Stories
wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

නව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT