Local

මේක විකාර දේශපාලනයක් -දිලිත්

Tuesday, 17 September 2024 - 12:16 am

වර්තමානය වනවිට රට තුළ පවතින්නේ විකාර රූපී දේශපාලනයක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අද (16) මොනරාගල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, ඇතැම් දේශපාලන නායකයින් වේදිකාවල එකිනෙකාට විහිළු සපයමින් සිටින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු දිලිත් ජයවීර මහතා,

'දැන් කොරගත්තා මදැයි වෙනසක් ඉල්ලලා. දැන් වෙනසක් ලැබිලා තියෙනවා. ඔහු කියන්නේ එහෙමයි. ඒ නිසා මට දෙන්නලු... ඔහුගේ කල්‍යාණ මිත්‍රයා අනුර කුමාර ඔහුට ප්‍රසිද්ධියේ කල්‍යාණ මිත්‍රයා කියන්න එපාලු. ලංකාවේ හිටිය ප්‍රබලම කෘෂිකර්ම ඇමති තුමා වැඩිම ආයතන ගණනක් තමන්ගේ අමාත්‍යාංශයට තියන් හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර. කල්‍යාණ මිත්‍රයා වික්‍රමසිංහ මහත්තයාගේ. මොකද්ද කළේ, පහුගිය අවුරුදු දෙකේ ජීවන මට්ටම පහළටම වැටෙන කොට අර හැමදාම සුමානේට දෙසැරයක් ගාලු මුවදොරට ගෙනාපු පෙළපාලි එකක්වත් ආවද? එකකවත් ආවේ නෑ. එයාලා දෙන්නා කතා කරගෙන එක පෙළපාලියක් ආවා. ඒ විහාරමහා දේවී පාක් එකට ආවේ. පාර්ක් එකේ මුලට එද්දි යාළුවෝ දෙන්නා කතා කරගත්තා මට වතුර ගැහුවම මේ ගේට්ටුවෙන් යන්නම් කියලා. පෙළපාලියේ ආපු ජනතාව මේ පිටපත දන්නේ නැතුව ඉදිරියට ගියාම පොලීසියෙන් ගැහුවා. බලද්දි පිටපතින් පිට ගිහින් වැඩේ. මේ විකාර රූපී නාඩගම් දේශපාලනය තමයි අද තියෙන්නේ. මේ දෙන්නා වේදිකා දෙකකට නැඟලා දෙන්නට දෙන්නා විහිළු කරගන්නවා. හවසට අපි මේ විහිළු බලනවා.'

 
 


Top Stories
wedivistara

පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් එජාපයෙන් තීරණයක්

wedivistara

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් Youth Club පිහිටුවීමේ වැඩසටහන හෙට ආරම්භ වෙයි

wedivistara

රඳවා තබා ගැනීමේ බද්දට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයින් ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

wedivistara

අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය ලක්මාලි හේමචන්ද්‍රට

wedivistara

හරක් කටාට පැනයාමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයා නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

wedivistara

රාජ්‍ය ආයතනවල පිහිට වූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට විශේෂ වැඩපිළිවෙළක්

wedivistara

අල්ලස් කොමිසමේ චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

wedivistara

ලුණු හිඟයට හේතුව ජනතාව ලුණු පැකට් 10 ක් පමණ මිලදී ගැනීමයි - ලංකා ලුණු සමාගමේ සභාපති

wedivistara

රණවිරු සැමරුමට යන්නේ නෑ කියලා, විරෝධය හමුවේ යන්න තීරණය කිරීම රටක ජනාධිපතිවරයෙකුට සුදුසු දෙයක් නෙවෙයි - දයාසිරි

wedivistara

සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා TIN අංකය අනිවාර්යය කිරීමට පියවර


NEWS ALERT